Thursday, August 29, 2013

නව අරහාදී බුදු ගුණ



බුදු රදුන් ජීවමාන සමයෙහි වුවද සෙස්සන් අතුරින් බුදුරදුන්  හදුනා ගත්තේ ගුණයෙන්ය. අදත් උන් වහන්සේ  ජීව මානව නැතත්  ගුණයෙන් දැකිය හැකිය. එසේ දැකීම සරණයාම නම් මේ.
     
  බුදු ගුණ මෙනෙහි කිරීම බුද්ධානුස්සතිය නම් සව් එය භාවනාවකි. චතුරාරක්ඛ භාවනා අතර එය පළමු වැන්නයි.  එයින් සද්ධාව වර්ධනයවේ.
                 
                                    සුප්ප බුද්ධං පබුජ්ඣන්ති
                                    සදා ගෝතම සාවකා
                                    යේසං දිවාච රත්තෝච
                                    නිච්චං බුද්ධ ගතාසතී  (ධම්ම පදය)

    යම්කිසි බුද්ධ සාවකයෙක් නිතර දිවා රෑ  දෙක්හි බුද්ධානුස්සතිය වඩන්නේ නම් හෙතෙම සුවසේ නිදා පිබිදෙන්නේය.

    අනන්ත වූ බුදු ගුණ මෙනෙහි කිරීමේ පහසුකම සදහා නව ගුණයකට සම්පීඩන කර තිබේ.  ඒවා අරහං ගුණයෙන් පටන් ගැනෙන හෙයින් නව අරහාදී බුදු ගුණ නම් වේ. ඒ මෙසේය.
       
       "ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්‍ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරථී සත්ථා දේව මනුස්සානං බුද්ධෝ භගවාතී"

                                               
                                                                  01   අරහං බුදු ගුණය

   ආරකත්තා හතත්තාච   කිලේසාරීන‍ සෝ මුනී
හත සංසාර චක්කාරෝ
පච්චයාදීන චාරහෝ 
න රහෝ කරෝති පාපානී
                                                     අරහං තේන වුච්චතී  ‍                              (විශුද්ධි මග්ගය)

   බුදු රජානණ් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරැ වූ හෙයින්  වාසනා දෝස සහිත විමුක්තියට සතුරන් බදු කෙලෙසුන් නැසූ බැවින් ද සංසාර චක්කයෙහි ගරාදි සද දැමූ හෙයින්ද පුද පුජාවන්ට සුදුසු වූ හෙයින්ද  රහසින්වත් පවු නොකරන හෙයින්ද අරහං නම් වනසේක.

    02  සම්මා සම්බුද්ධ ගුණය 



   බුදු රජානණ් වහන්සේ දතයුතු තාක් සියලු ධර්මයන් මනා කොට (සම්මා ) තමාම (සාමං) අවබෝධ කළ හෙයින් (බුද්ධත්තා ) සම්මා සම්බුද්ධ නම් වනසේක .
      උන් වහන්සේ කෙසේ සම්මා සම්බුද්ධ වූ සේක් ද යත්
   අභිඤ්ඤ්‍යෙයං අභඤ්ඤාතං 
භාවේතබ්බංච භාවිතං
පහාතබ්බං පහීනං මේ
තස්මා බුද්ධෝසමි බාහ්මණ (සෙල සූත්තය)

" මා විසින් විශීෂ්ට ඥානයෙන් දතයුතු දුක්ඛ සත්‍යය දන්නා ලදී  වැඩිය යුතු මාර්ග සතයය වඩන ලදී දුරැ කළයුතු සමුදය සත්‍යය දුරැ කරන ලදී බමුණ එමහයින්  මම නිරෝධ සත්‍යය අවබෝධ කලෙමි මම බුද්ධ නම් වෙමි"   මෙසේ කෙලෙසුන්ට අයත් ස්කන්ධ ධ)ර්මයන් පිළඹද සතු සච්චය ධර්මය පරෝප දේශ රහිතව කිසිවක් ඉතිරි නොකර අවබෝධකොට සර්වඥ වූ හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක

       මෙහි බුද්ධ යනු අවබෝධයයි බුදු ධහමෙහි විශේෂයෙන්  චතු සත්‍ය අවබෝධය බුද්ධ යන්නෙන් අදහස් කෙරේ තථාගතයන් වහන්සේ ඒ චතුරාර් සත්‍ය සිය නුවණින් ම තනි ව අවබෝධ කර ගන්නා නිසා "සම්මා සම්බුද්ධ නම් වන සේක"

 03 විජ්ජාචරණ සම්පන්න ගුණය
බුදු රජානණ් වහන්සේ අෂට විද්‍යාවන්ගෙන් හා පසලොස් චරණ ධර්මයන්ගෙන් යුක්තවන හෙයින් "විජ්ජාචරණ සම්පන්න නම් වන සේක  මෙහි 'විජ්ජා ' යන්නෙන් අර්ථ දෙකක් ගම්‍ය වේ 

01  විද ගැනීද - නිර්වාණ රසය නිසිලෙස විදගන්නේය----------------
      අර්ථයෙන් විජ්ජා නම් වේ
02  ඤාණාර්ථය - අවිද්‍යා නැමති ගණ අදුර දුරැ කරන ඤාණාලෝකය වන හෙයින් විජ්ජා නම්වේ

අෂට විද්‍යාව

විපස්සනා ඤාණ මනෝමමයිද්ධි
ඉද්ධප්පභේදා පිච දිබ්බ සෝතං
පරස්ස චේතෝපරියාය ඥාණං
පුබ්බේ නිවාසානුගතංච ඤාණං 
දිබ්බංච චක්ඛාසව සංඛයංච
ඒතානි ඤාණානි ඉධට්ඨ විජ්ජා

    විදර්ශනා ඥානය මනෝමය ඍද්ධි ඥානය ඍද්ධි වධ ඥානය දිබ්බ සෝත ඥානය පරච්ත්ත විජානන ඥානය පුර්වේනිවාසානුස්මෘති ඥානය දිව්‍ය චක්ඛූරභිඥානය ආසවක්ෂයකර ඥානය

චරණ ධර්ම
චරණ යනු පාද යන අදහසයි  ඒ නිසාම ගමන හෝ මාර්ගය යන අර්ථයද ගැනේ  මෙහි කියැවන චරණ ධර්මයන් කරන කොට ගෙන නිර්වාණය කරා ගමන් කෙරේනුයි චරණ නමි

පසළොස් චරණ ධර්ම

සීලං වරං ඉන්දිය සංවරෝව
මත්තා සිතා ජාගරියානු යෝගෝ 
සද්ධා භරෝත්තප්ප බහුස්සුතත්තං
පරොක්ඛමෝ වේව සතී මතීච 
චත්තාරී ඣානානි ච තානි මානි
තිපඤ්ච ධම්මා චරණානි ජඤ්ඤා

                    සීල සමාධි පඤ්ඤා යන තුන් සික්ඛා වෙන් කියෙවෙන්නේ ද මේ විජ්ජාචරණ ධර්මයෝ ම වෙති  ඒ අනුව  විද්‍යාව පඤ්ඤාවටද චරන ධර්ම ශීල සමාධි දෙකටද අයත්වේ බුද්ධ සාවකයන් විසින්  මේ ධර්මයන් අතුරින්  පලමුව පුරැදු පුහුණු කළ යුත්තේ චරණ ධර්මයන්ය  ශාසනයෙහි මූලික පත්පදාවද  එයම වෙයි එබැවින් සසුනට පිවිසෙන කවරෙක් වුවද රහත් බව දක්වාම මේ එරණ ධර්ම පුරැදු කළ යුත්තේමය  විද්‍යාවෙන් ලැබෙන්නේ ඒ පුරැදු පුහුණු කිරීමේ පථිඵලයක් වශයෙනි

          මේ අනුව  විජ්ජාචරණ ධර්මයන් බුදු රදුන්ට මෙන්ම රහත් සව්වනටද පොදුය එහෙත් බුදු රදුන්ගේ සර්වඥුතා ඥානය නිසා උන්වහන්සේ වෙත දී ඒවා විශේෂත්වයක් ලබන්නේය



04 සුගත ගුණය 
සුගත යන්නෙහි පධාන අර්ථ දෙකකි 
1 කාම සුකල්ලිකානු යෝගය අත්ත කිලමතානු යෝගය යන අන්ත දෙකට නොවැටී මධ්‍යම පඨිපදාව නම් වු  සුව්දර වූත් නිවැරදි වූත් මග ගිය බැවින් ද අසුන්දර වූ සංසාර දුකින් මිදී සුන්දර වූ නිවනට පැමිණි හෙයින් ද බුදු රජානණ් වහන්සේ සුගත නම් වන සේක

2 බුදු රදුන් දෙලොවට වැඩ ඇති නිදානයක් බදු වචනයක්ම  තෙපලන හෙයින් ද පිය වදන් වහරණ හෙයින්ද උන්වහන්සේ විසින් දෙසන ලද්දක් එලෙසින්මිස වෙනත් අයුරකින් නොවන හෙයින්ද කිසිවෙකුටත් එය වෙනස්කල නොහැකි හෙයින්ද උන් වහන්සේ යථාවාදී තථාකාරී වන හෙයින්ද සුගත නම් වන සේක

05 ලෝක විදූ ගුණය

බුදු රජානණ් වහන්සේ ලෝකය පිළිබද සියල්ලක්ම සෑම අයුරකින්ම අවබෝධ කරන ලද බැවින් ලෝක විදූ නම් වන සේක

06 අනුත්තර පුරිස දම්ම සාරථී ගුණය 

          ගුණයෙන් බුදුනට වැඩි කෙනෙක් තබා  සමාන කෙනෙක්වත් නැත එබැවින් වුන් වහන්සේ අනුත්තර නම් වන සේක
    හික්ම විය යුතු පුද්ගලයන් හික්ම වන්නේනුයි පුරිස ධම්ම සාරථී නම් වන සේක බුදු රජානණ් වහන්සේ  ලෝකයේ වෙනත් කිසිවකුට සමාන නොවන ආකාරයෙන් දැමිය යුතු පුද්ගලයන් දමනය කල හෙයින් පුරිස ධම්ම සාරථි නම් වන සේක

07  සත්ථා දේවමනුස්සානං ගුණය

           මෙලොව පරලොව නිවන යන තුන් අර්ථයෙන් ඒඒ පුද්ගලයන්ට ගැළපෙන අර්ථය සදහා අනුශාසනා කරන්නේනූයි  බුදු රදුන් සත්ථා නම් වේ සාර්ථ වාහකයෙකු (ගැල් සාත්තු නායකයෙකු ) ලෙසින්  විනෙයජනයන් (හික්මවිය යුත්තන් ) ජාති ජරා ආදී කාන්තාරයෙන් එතෙර කොට නිර්වාණය නැමති ‍ක්ෂෙම භූමියට පමුණුවන බැවින් ද සත්ථා නම් වේ


08 බුද්ධ ගුණය 

බුදු රජානණ් වහන්සේ යම්කිසි දතයුතු ධර්මයක් වී නම් බුද්ධත්වයත් සමග ඒ හැම අවබෝධ කළ බැවින් අන්‍යයන්ට ද අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වෙති

09 භගවා 

බුදු රජානණ් වහන්සේ සීලාදී ගුණයෙන් උතුම් වන්නා වූ බැවින් භගවා නම් වන සේක







Wednesday, August 28, 2013

බුදු හාමුදුරැවො

                                                                       බුදු හාමුදුරැවෝ

මෙම ලිපියෙන් පලමුවෙන් බුදු රජානණ් වහන්සේ පිළඹද ඔබේ දැනිම වර්ධනය කිරීම අපේක්ෂා කරමි නොපෙනන දෙවියන්ගේ බලයට සහ ඔවුන් මුල් කරගෙන ගොඩ නැගුනු සමාජයක මිනිසුන් දෙවියන්ගේ වහලුන් බවට පත්වී සිටියදී මනුස්ස ජීවිතයේදීම මිනිසාට දෙවියන්ටද වඩා ශක්තියක් පිවිතුරැ බවක් ඇති කර ගත හැකි බව කියා දුන් එකම චින්තකයා ලොවු තුරා අප බුදු පියානන් වහන්සේය 

බුදු රජානණ් වහන්සේ යනු දෙවියෙකු හෝ 
එවන් වෙනත් නොපෙනෙන බලවේගයක් නොව මනුස්ස අම්මා කෙනෙකුට සහ පියකෙනෙකුට දාව මේ ලෝකයේ පහලවූ මනුස්සයෙකි රාජ වංශයේ උපත ලද අප මහ බෝසතානන් දුටු කරැනනම් කාම භෝගී ජීවිතයෙන් හෝ මිල මුදල් වලින් සතුට සහ සැනසීම මිලදී ගත නොහැකි බව තවද මේ ලෝකයේ පහල වූ සියල්ලන්ම පත්වෙන ලෙඩවීම වයසට යෑම මරණයට පත්වීම නතර කරන්නට කිසිම දෙවියෙකුට හෝ මන්තරයකට නොහැකි බව එනම් මේ ශරීරය තමන්ට කැමති ලෙසින් තබා ගත නොහැකි බව
එනිසා බෝසතානණ් වහන්සේ මේ ශරීරය හා එක්වී තිබෙන සියල්ල අසාර වස්තූන් ලෙසින් සලකා සියලු සම්පත් අතහැර දැමීය

ජීවිතය පවත්වා ගැනීමට පමනක් පූමාණවත් භාණ්ඩ කිහිපයක් හැර සියල්ල දමා වනගත විය ආලාර කාලාම - උද්දක රාම පුත්ත යන ඇදුරන්ගෙන් ඔවුන් දන්නා භාවනාව උගත්තේය නමුත් එයින් බෝසතුන්ගේ පුශ්නයට පිළිතුරැ නොලැබිණ එහෙයින් ඔවුන්ද අතහැර ගොස් ශරීරයට කටුක දුක් දෙමින් විමුක්තිය සෙවීය නමුත් නොලැබින අවසානයේ එයද අතහැර දමා මැදුම් පිළවෙතෙහි ජීවිතය මෙහෙය වා බුද්ධ රාජ්‍ය‍ට පත් විය

සැබෑවටම බුදු රජානණ් වහන්සේ යනු මනුස්ස ජීවිතයට නියම වටිනාකමක් ලබා දුන් සැබෑ මිනිසෙකි මිනිසා යනු ස්වභාවයෙන්ම ඉතා අසරණයෙකි මන්ද ඔහුට පිහිට කරගත හැකි කිසිවක් මේ ලෝකයේ නැත එබැවින් දෙවියන් වැනි නොපෙනෙන අයගෙන් ද පිහිට පතයි නමුත් බුදු රජානණ් වහන්සේ නිර්මාණය කරන මිනිසා ජරාවට මරණයට ලෙඩ දුක් වලට පත් වූ නමුදු ඒවා ඉදිරියේ අසරණ වන්නේ නැත මේ නිසා බුදු රජානණ් වහන්සේ යනු ජාති කුල ගොත් කිසිවකින් සීමා පනවා නැත මේ බුද්ද ශාසනය සියල්ලන්ටම පොදුය බුදු ධහමේ උගන්වන ධර්ශනය බොදුනුවන්ට පමනක් නොව සමස්ත සත්ව සංහතියට පොදු වූවකි

මනුස්ස ලෝකය නැමති මඩෙහි පහල වූ බුදු රජානණ් වහන්සේ යනු පියුමකි බුදු රජානණ් වහන්සේට සමාන කර දැක්වීමට හැකි කිසිම කෙනෙක් මේ ලෝකයේ නැත දෙවියන් බඹුන් අතරද නැත ගුණ යෙන් ඥාණ යෙන් වචනයෙන් රෑපයෙන් උන් වහන්සේ සියල්ලන්ටම වඩා උතුම්ය උන් වහන්සේට බියක් නැත තැති ගැනීමක්ද නැත ‍සතුරෙක්ද නැත එයට හේතුව කුමක්ද බුදු රජානණ් වහන්සේ සියලු බැමි නැතිකොට හමාරය


විවර වූ මනසින් සහා කිසිදු තැනකට නොබැදි අයෙක් බුද්ධ චරිතය අධ්‍යනය කරන්නේ නම් උන් වහන්සේගේ වටිනාකම අවබෝධ කර ගනු ඇත 


-------------------------------------------------------- ඉදිරියට------------------------------------------------------------------